ඇමරිකානු ජනපතිගේ චීන සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

ඇමරිකානු ජනපතිගේ චීන සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ චීන සංචාරය සඳහා වන නිශ්චිත විධිවිධාන සහ චීනයේ අපේක්ෂාවන් සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය දැනුවත් කරයි. 

එහි ප්‍රකාශක Guo Jiakun මහතා අද (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව ඇමරිකානු ජනපති ට්‍රම්ප් මහතා ලබන 13 වැනිදා සිට 15 වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. මෙය පසුගිය ඔක්තෝබර් මාසයේ බුසාන් හි හමුවෙන් පසු චීන-ඇමරිකානු රාජ්‍ය නායකයන් අතර සිදු වන දෙවන හමුවීම මෙන්ම වසර නවයකට පසු ඇමරිකානු ජනාධිපතිවරයෙකු චීනයේ සිදු කරන පළමු සංචාරය ද වන බව Guo Jiakun මහතා එහිදී පැවසීය. 

ෂී ජින් පිං මහතා ට්‍රම්ප් මහතා සමඟ චීන-ඇමරිකානු සබඳතා සහ ලෝක සාමය හා සංවර්ධනය යන වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙහිදී ගැඹුරින් අදහස් හුවමාරු කරගැනීමට සූදානමින් සිටින බව හෙතෙම සඳහන් කළේය.

චීන-ඇමරිකානු නායකයන්ගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය, දෙරට අතර සබඳතාවන්හි අත්‍යවශ්‍ය උපායමාර්ගික මග පෙන්වීමේ කාර්යභාරයක් ඉටු කරයි. වෙනස්කම් හා කැලඹිලිවලින් පිරුණු ලොවක් සඳහා වැඩි ස්ථාවරත්වයක් සහ නිශ්චිතභාවයක් එන්නත් කිරීම සඳහා, සමානාත්මතාවය, ගෞරවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සමඟින් සහයෝගීතාවන් පුළුල් කර වෙනස්කම් පාලනය කිරීමට ඇමරිකාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Guo Jiakun මහතා වැඩිදුරටත් කියා සිටියේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *