කාන්තාවන්ට සාමකාමී සහ ස්ථාවර පරිසරයක් නිර්මාණය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා අවධාරණය කරයි. ආරක්ෂක මණ්ඩලයේ “කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව” යන මාතෘකාව යටතේ ඊයේ(27) පැවති විවෘත විවාදයේදී ඔහු මේ බව පැවසීය.
පසුගිය වසරේ කාන්තාවන් සහ ගැහැණු දරුවන් මිලියන 700කට අධික පිරිසක් ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශවල ජීවත් වූ බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ වාර්තාවෙන් පෙන්වා දී ඇති බව Fu Cong මහතා පැවසීය. ජාත්‍යන්තර ප්‍රජාව වැඩි වශයෙන් කාන්තාවන්ට ඔවුන්ගේ නායකත්ව කුසලතා වැඩිදියුණු කිරීමට සහ සාම ක්‍රියාවලියට ඔවුන්ගේ පූර්ණ හා අර්ථවත් සහභාගීත්වය ලබා දීමට සහාය විය යුතුය.
ආර්ථික හා සමාජීය ක්‍රියාකාරකම්වලදී කාන්තාවන්ගේ සමාන සහභාගීත්වයට සහාය වීම සඳහා සියලු රටවල් වැඩි වශයෙන් සම්පත් ආයෝජනය කළ යුතු බවත්, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ජාතික උපායමාර්ග සහ සැලසුම් ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත් Fu Cong මහතා පැවසීය. “කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව” යන කරුණු ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමට චීනය සියලු පාර්ශ්වයන් සමග එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු එහිදී සඳහන් කර ඇත.
