ඓතිහාසික මිත්‍රත්වය සිහි කරමින් උතුරු කොරියානු නායකයා 

ඓතිහාසික මිත්‍රත්වය සිහි කරමින් උතුරු කොරියානු නායකයා 

චීනයේ Dandong නගරයට

උතුරු කොරියානු නායක ‌Kim Jong Un‌ මහතා ඊසානදිග චීනයේ Dandong නගරයේ සංචාරයක නිරත වේ. ඉකුත් 24වන දින ඔහු නිරත වූ එම සංචාරයට චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සභාපති Wang Huning මහතා ද එක් විය.

ඇමරිකාව උතුරු කොරියාවට සිදු කළ ආක්‍රමණයන්ට එරෙහිව චීන මහජන ස්වේච්ඡා හමුදාව යුද වැදුණු අතර, එය ජයගැනීමේ 76වන සංවත්සරය  මේ වසරේදී  සැමරේ. උතුරු කොරියානු නායක ‌Kim Jong Un‌ මහතා Dandong නගරයට පැමිණියේ මෙම සැමරුම වෙනුවෙන්ය.

එදින පෙරවරුවේ Dandong නගරයේ පිහිටි එම යුද්ධයේ අනුස්මරණ ශාලා පරිශ්‍රයේදී Wang Huning මහතා උතුරු කොරියානු නායකයා පිළිගත්තේය. එහි අනුස්මරණ කුලුන වෙත ‌Kim Jong Un‌ මහතා පුෂ්පෝපහාර දැක්විය. ඉන් අනතුරුව Wang Huning මහතා සහ ‌Kim Jong Un‌ මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණ.

Kim Jong Un‌ මහතාගේ මෙවර සංචාරයෙන් ලෙයින් බැඳී ඇති චීන-උතුරු කොරියා මිත්‍රත්වය ඉහළින් සැලකීම පිළිබිඹු වී ඇතැයි Wang Huning මහතා එහිදී කියා සිටියේය. 2025 වසරේ සැප්තැම්බර් මස සහ ඉකුත් ජුනි මස උතුරු ‍කොරියානු නායකයා හා චීන ජනපතිවරයා වෙන් වෙන්ව සිදු කළ චීන හා උතුරු කොරියානු සංචාර මගින් ද්විපාර්ශ්වික සම්බන්ධතා නව අදියරකට පිවිස තිබේ. උතුරු කොරියාව සමග එක්ව දෙරටේ රාජ්‍ය නායකයින් එළඹි එකඟතාවන් ක්‍රියාවට නංවා ගනිමින් ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ඉහළ තලයකට ගෙන යාමට චීනය කැමති බව Wang Huning මහතා පැවසීය.

එදා උතුරු කොරියාව ආරක්ෂා කිරීම වෙනුවෙන් සිය දිවි පිදූ චීන මහජන ස්වේච්ඡා හමුදා භටයින් තම රට හා ජනතාව කිසිදා අමතක නොකළ බව Kim Jong Un‌ මහතා එහිදී කියා සිටියේය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉකුත් ජුනි මස සිදු කළ උතුරු ‍කොරියානු සංචාරය දෙරටේ සම්බන්ධතාවන්හි නව සන්ධිස්ථානයකි. චීනය සිය රටට ලබාදුන් දිගුකාලීන සහාය හා උපකාර පිළිබඳ ස්තුතිය පළ කරමින් Kim Jong Un‌ මහතා සඳහන් කළේ උතුරු කොරියාව හ චීනය අතර ඉතා පුළුල් සහයෝගී අවකාශයක් පවතින බවයි. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *