මහජන පැමිණිලි සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වීම දැනුවත් කෙරෙන “ඔබේ හඬ 2” නමින් වාර්තා චිත්‍රපටයක් චීනයෙන්

මහජන පැමිණිලි සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වීම දැනුවත් කෙරෙන “ඔබේ හඬ 2” නමින් වාර්තා චිත්‍රපටයක් චීනයෙන්

බෙයිජිං පුරවැසියන් සඳහා වන සේවා ක්ෂණික ඇමතුම් අංකය පිළිබඳ දැනුවත් කිරීමේ නිර්මාණයක් වන “ඔබේ හඬ 2” නම් වාර්තා චිත්‍රපටය, ඊයේ (11) චීනයේ බෙයිජිං නුවරදී ප්‍රදර්ශනය කරන ලදී. 2026 බෙයිජිං “පැමිණිලි සඳහා ක්ෂණික ප්‍රතිචාර” ප්‍රතිසංස්කරණ සංසදයේ ප්‍රධාන සහායක ක්‍රියාකාරකම් වලින් එකක් ලෙස මෙය හැඳින්විය හැකිය.

බෙයිජිං නගරයේ, චීන මාධ්‍ය සමූහයේ සහ චීන සමාජ විද්‍යා ඇකඩමියේ නියෝජිතයින් ද ඊට එක්වූ අතර, ජාත්‍යන්තරයේ කීර්තිමත් නගර කිහිපයක නායකයින්, ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන්, දෙස් විදෙස් විශේෂඥයින් සහ විද්වතුන් මෙන්ම ඉදිරි පෙළ නාගරික සේවා සේවකයින්, චිත්‍රපටයේ නිර්මාණ කණ්ඩායම සහ බෙයිජිං පුරවැසියන්ගේ නියෝජිතයින් ඇතුළු 450ක පමණ පිරිසක් ද මෙම අවස්ථා‍වට සහභාගි වූහ.

මීට වසර දෙකකට පෙර, චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද “ඔබේ හඬ 1” වාර්තා චිත්‍රපටය, බෙයිජිං පුරවැසියන් වෙනුවෙන් “12345” නාගරික සේවා ක්ෂණික ඇමතුම් අංකය භාවිත කිරීම තුළින් “පැමිණිලි සඳහා ක්ෂණික ප්‍රතිචාර” දැක්වීමට අදාළව නව ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කර තිබිණ.

2026 බෙයිජිං “පැමිණිලි සඳහා ක්ෂණික ප්‍රතිචාර” ප්‍රතිසංස්කරණ සංසදය අද (12) සහ හෙට (13) යන දෙදින තුළ පැවැත්වේ. “ඩිජිටල් බුද්ධිමය යුගය සහ ජනතා නගර” එහි වාර්ෂික තේමාවයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *