තායිලන්ත රජය ඊයේ(5) නිකුත් කළ නිවේදනයකට අනුව, එරට ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය සැප්තැම්බර් 16 වැනිදා සිට ගංවතුර ආපදා තත්ත්වය තායිලන්තයේ පළාත් 47කට සහ බැංකොක් අගනුවරට බලපා ඇත. මෙම ගංවතුර හේතුවෙන් පවුල් මිලියන 1.45කට වැඩි ප්‍රමාණයක් සහ පුද්ගලයින් මිලියන 4.14ක් පමණ බලපෑමට ලක් ව ඇතැයි වාර්තා වේ.
