“ෂී ජින් පිං – චීන පාලනතන්ත්‍රය”නම් ග්‍රන්ථයේ පස්වන වෙළුමේ ස්පාඤ්ඤ සංස්කරණය පිළිබඳ පාඨක හුවමාරු වැඩසටහනක් මැඩ්රිඩ්හිදී

“ෂී ජින් පිං – චීන පාලනතන්ත්‍රය”නම් ග්‍රන්ථයේ පස්වන වෙළුමේ ස්පාඤ්ඤ සංස්කරණය පිළිබඳ පාඨක හුවමාරු වැඩසටහනක් මැඩ්රිඩ්හිදී

“ෂී ජින් පිං – චීන පාලනතන්ත්‍රය”නම් ග්‍රන්ථයේ පස්වන වෙළුමේ ස්පාඤ්ඤ සංස්කරණය පිළිබඳ පාඨක හුවමාරු වැඩසටහනක් ඊයේ(6) ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී පැවැත්විණ. “ශිෂ්ටාචාර අතර සංවාදය තුළින් පොදු දියුණුව බලගැන්වීම: චීනය සහ බටහිර රටවල් අතර හුවමාරු සඳහා වන අවස්ථා හා අපේක්ෂාවන් ”එම වැඩසටහනේ ප්‍රධාන තේමාවය. දෙරට රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල හා මාධ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි නියෝජි‍තයෝ 60ක් පමණ ඊට එක් වූහ.

ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන චීනය, ස්පාඤ්ඤය ඇතුළු ලෝකයේ රටවලට පුළුල් සහයෝගිතා අවස්ථා නිර්මාණය කර ඇතැයි එම වැඩසටහනට එක්වූ නියෝජිතයෝ පැවසුහ. චීනය හා බටහිර රටවල් අතර පොදු ජයග්‍රහණ අඛණ්ඩව ව්‍යාප්ත කර, පොදු එකඟතාවන් තුළින් අන්‍යෝන්‍ය ජයග්‍රාහී සහයෝගීතාව තහවුරු කළ යුතුය. එමගින් ලෝක ආර්ථික සංවර්ධනයට නිශ්චිතභාවයක් හා ස්ථාවරත්වයක් ලබා දිය හැකි බව ද ඔවුහූ පෙන්වා දුන්හ. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *