චීන උප ජනපති 81 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පොදු විවාදය අමතයි

චීන උප ජනපති 81 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පොදු විවාදය අමතයි

චීන උප ජනාධිපති Han Zheng මහතා ඊයේ(26) නිව්යෝර්ක් හි පැවති 81 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පොදු විවාදයට සහභාගී වී දේශනයක් පැවැත්වීය.

වත්මන් ගැටුම්කාරී ජාත්‍යන්තර තත්ත්වය හා භූ දේශපාලනික ගැටුම් උණුසුම් වීමත් සමග ලෝකයේ සංවර්ධන පරතරය තවදුරටත් පුළුල් වී ඇති අතර ගෝලීය අභියෝග නොකඩවා මතුවෙමින් පවතී. මේ සම්බන්ධයෙන්, Han Zheng මහතා එහිදී යෝජනා හතරක් ඉදිරිපත් කර ඇත.

පළමුවැන්න ලෙස, පශ්චාත් දෙවැනි ලෝක යුද ජාත්‍යන්තර පටිපාටිය ආරක්ෂා කරමින් පොදු ආරක්ෂාව තුළින් දිගුකාලීන සාමයක් ගොඩනැගිය යුතුය. දෙවැන්න, ගෝලීය සංවර්ධන අභියෝගවලට සෘජුවම මුහුණ දී විවෘත සහයෝගීතාවය තුළින් පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කළ යුතුය යන්නයි. තෙවැන්න, ශිෂ්ටාචාර අතර හුවමාරු හා අන්‍යෝන්‍ය අධ්‍යයන ප්‍රවර්ධනය කර සංවාදය සහ සන්නිවේදනය මගින් එකමුතුකම සහ අන්‍යෝන්‍ය විශ්වාසය යළි පුනර්ජීවනය කිරීමය. හතරවැන්න, බහුපාර්ශ්විකවාදී ධජය ඔසවා සැබෑ ක්‍රියාවන් මගින් සාධාරණත්වය හා යුක්තිය ආරක්ෂා කළ යුතු බව ද Han Zheng මහතා එහිදී පැවසීය.

ඒ වෙනුවෙන් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ, මානවයන්ට වඩාත් සුන්දර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීනය ඒ ඒ රටවල් සමග එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවද චීන උප ජනාධිපති Han Zheng මහතා අවධාරණය කළේය.  

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *