චීනය සහ ඉන්දියාව අතර ආර්ථික හා වෙළඳ සහයෝගිතාව අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායකයි–චීනය

චීනය සහ ඉන්දියාව අතර ආර්ථික හා වෙළඳ සහයෝගිතාව අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායකයි–චීනය

චීනය සහ ඉන්දියාව අතර පවත්නා ආර්ථික හා වෙළඳ සහයෝගීතාව අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ ඊයේ(10) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය.

චීන සමාගමක් අදාළ නියාමන කරුණු උල්ලංඝනය කළ බවට චෝදනා කරමින්, එම චීන සමාගම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ඉන්දියාවේ අදාළ අංශය යෝජනා කර තිබෙන බව වාර්තාකරුවෙක් එහිදී සඳහන් කළේය. මේ පිළිබඳ චීනයේ අදහස කුමක් දැයි ඔහු විමසීය.

එම සිද්ධිය පිළිබඳ තමන් නොදන්නා බව  ‍Guo Jiakun මහතා එහිදී පැහැදිලි කළේය. චීනය සහ ඉන්දියාව අතර පවතින ආර්ථික හා වෙළඳ සහයෝගිතාව අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායකය. ඉන්දියාව තුළ ආයෝජනය කරන සහ ක්‍රියාත්මක වන සියලු රටවල ව්‍යාපාර සඳහා සාධාරණ, යුක්තිසහගත, විනිවිදභාවයෙන් යුත් සහ වෙනස් කොට සැලකීමකින් තොර ව්‍යාපාරික පරිසරයක් සපයනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *