චීනයේ “15 වන පස් අවුරුදු සැලැස්ම ආරම්භ කිරීම” යන තේමාව යටතේ මාධ්‍ය හමුවක් අද(26) පැවැත්විණ. එම සැලැස්ම ක්‍රියාත්මක කරමින් නව කාර්මීකරණය වේගවත් කිරීමට අදාළ තත්ත්වයන් හඳුන්වා දීමට චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ අදාළ නිලධාරීහු එහිදී පියවර ගත්හ.
15 වන පස් අවුරුදු සැලසුම් කාලය තුළ, 6G තාක්ෂණ සංවර්ධනය ප්‍රමුඛතාවයක් වනු ඇති බව එම මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරිණ. එමෙන්ම චීනයේ 6G හි මූලික තාක්ෂණයන් පිළිබඳ පර්යේෂණ වේගවත් වනු ඇති බවත්, ඊට අදාළ අත්හදා බැලීම් සහ ප්‍රමිති සංවර්ධනය අඛණ්ඩව සිදු කර, එම තාක්ෂණය වාණිජකරණය කිරීමට සූදානම් වනු ඇති බවත් එහිදී වැඩිදුරටත් සඳහන්ව තිබේ.
