චීන ජ්‍යෙෂ්ඨ දේශපාලන උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් ජන ජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

චීන ජ්‍යෙෂ්ඨ දේශපාලන උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් ජන ජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ ස්ථාවර සභාවේ 18වැනි සැසිවාරය ඊයේ(25) පැවැත්විණ. ඒ ජනතාවගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කර වැඩිදියුණු කිරීම” යන තේමාවෙනි. මෙම සැසිවාරය පැවැත්වූයේ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටු සභාපති සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික Wang Huning මහතාගේ ප්‍රධානත්වයෙනි. එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ චීන උප අග්‍රාමාත්‍ය He Lifeng මහතා මෙම රැස්වීමට ආරාධිතයෙකු ලෙස සහභාගී වී වාර්තාවක් ඉදිරිපත් කළේය

He Lifeng මහතා එහිදී කියාසිටියේ, උසස් තත්ත්වයේ සහ පූර්ණ සේවා නියුක්තිය ප්‍රවර්ධනය කිරීම, ආදායම් බෙදාහැරීමේ පද්ධතිය සහ සමාජ ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීම, දේපළ වෙළඳපොළේ උසස් තත්ත්වයේ සංවර්ධනය සහතික කිරීම, මූලික මට්ටමේ මහජන සේවා සමානාත්මතා‍වයෙන් ඉදිරියට ගෙන යාම ආදී ප්‍රධාන ජීවනෝපායන් කැපීපෙනෙන ප්‍රගතියක් කරා ගෙන යා යුතු බවය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *