ඕනෑම රටකට එරෙහිව මෙතෙක් ගෙන ඇති ආර්ථිකය සුණු විසුණු කිරීමේ මෙහෙයුම ඉරාන මෙහෙයුම බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ගිවිසුමක් ඇති කර ගැනීමේ අවස්ථාව ඉරානය මගහැර ඇති බවට චෝදනා කරමින් මෙය ඔවුන්ට පෙර නොවූ විරූ ආර්ථික යුද්ධයක් සහ හුදකලාවක් වනු ඇතැයි ඔහු Truth Social සමාජ මාධ්‍යයේ පළ කර ඇත.
ඔවුන්ට නාවික හමුදාව අහිමි වී ඇති අතර ඔවුන්ගේ ගුවන් හමුදාව ද විනාශ වී තිබේ. ඉරාන හමුදා කර්මාන්තශාලා මේ වන විට සුන්බුන් බවට පත්ව ඇත. එරට මුදල්වලට කිසිදු වටිනාකමක් නැති අතර ඉරානය නූලකින් එල්ලී සිටින බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඉරානයට මුල්‍ය, ව්‍යාපාර, ගුවන්තොටුපළ හෝ රාජ්‍ය මට්ටමින් සහාය ලබා දෙන ඕනෑම රටක් දැවැන්ත ප්‍රතිවිපාකවලට මුහුණ දෙනු ඇති බව ද ඔහු නිවේදනය කළේය.
මෙය ඉතිහාසියේ ඉලක්කයක් සනිටුහන් කරන දිනයක් ලෙස පිළිගැනෙන “ආර්ථික D-දිනයක්”වනු ඇතැයි ප්‍රකාශ කරමින් ඉරානය හුදකලා කිරීමට සහ පරාජය කිරීමට ඇමරිකාව සමග එක්වන ලෙස ඔහු මිත්‍ර පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටී.
හෝමූස් සමුද්‍ර සන්ධිය සහ ගැටුම අවසන් කිරීමේ නියමයන් සම්බන්ධයෙන් ඇමරිකාව සහ ඉරානය අතර මතභේද පවතී. අවබෝධතා ගිවිසුමක් යටතේ දින 60ක සාකච්ඡා කාල සීමාව සඳුදා අවසන් වීමත් සමග සාකච්ඡාවල අනාගතය ද අවිනිශ්චිත වී තිබේ.
