ජූලි 17 වෙනිදා සිට 20 වෙනිදා දක්වා ශැංහයි හි පැවැත්වෙන 2026 ලෝක කෘත්‍රිම බුද්ධි සම්මේලනයට සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ ඉහළ මට්ටමේ සමුළුව ඇරඹේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ඊයේ(16) ඊට සහභාගී වීම සඳහා චීනයේ ශැංහයි වෙත පැමිණියේය. මහලේකම්වරයා කෘත්‍රිම බුද්ධියේ ගෝලීය කළමනාකරණය ශක්තිමත් කිරීමේ වැදගත්කම බොහෝ අවස්ථාවලදී සඳහන් කර ඇත. මෑත වසරවලදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය, කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ ගෝලීය සංවාදය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාත්‍යන්තර විද්‍යාත්මක මණ්ඩලය යන යාන්ත්‍රණ දෙකක් ස්ථාපිත කර තිබේ.
ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානයේ ගිවිසුම අත්සන් අත්සන් කිරීමේ උත්සවය ද ඊයේ(16) චීනයේ ශංහයි නගරයේදී පැවැත්විණ.
