14 වන ලෝක සාම සාකච්ඡා මණ්ඩපය ඇරඹේ

14 වන ලෝක සාම සාකච්ඡා මණ්ඩපය ඇරඹේ

14 වන ලෝක සාම සාකච්ඡා මණ්ඩපය අද(3)  චීනයේ බෙයිජිං හිදී ආරම්භ විය. චීන උප සභාපති Han Zheng මහතා එහි සමාරම්භක උත්සවයට එක්වෙමින් දේශනයක් පැවැත්වීය.

වත්මන් ලෝකයේ පෙර නොවූ වීරූ අයුරින් වෙනස්කම් සිදු වෙමින් පවතින අතර විවිධ අවදානම් හා පරිපාලන අභියෝගයන්ට මුහුණ දෙමින් සිටින බව Han Zheng මහතා එහිදී ප්‍රකාශ කළේය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය පාලන මුලපිරුම වඩාත් වැඩි සාධාරණ මෙන්ම යුක්ති සහගත ලෝක පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම ප්‍රවර්ධනය කරමින් ලෝකයට වටිනා ස්ථාවරත්වයක් හා ධනාත්මක ශක්තියක් ලබා දුන් බවද හෙතෙම පැවසීය. 

එහිදී Han Zheng මහතා යෝජනා හතරක් ඉදිරිපත් කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලය හා ස්ථානය ස්ථිර ලෙස සහතික කිරීම, බහුපාර්ශ්වික සහයෝගිතා පුළුල් කිරීම, ගෝලීය ආර්ථික පරිපාලනය සම්පූර්ණ කිරීමට පෙළඹවීම, කෘත්‍රිම බුද්ධිය වැනි ක්ෂේත්‍රවල පාලනය තහවුරු කිරීම යනාදිය ඊට ඇතුළත් වේ.

විදේශ රටවල හිටපු නායකයන්, චීනයේ සිටින විදේශ තානාපතිවරුන් මෙන්ම දෙස් විදෙස් විශේෂඥයෝ 400ක පමණ පිරිසක් එම සාකච්ඡා මණ්ඩපයට එක්වූහ. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *