චීනයේ මකර බෝට්ටු උත්සව නිවාඩු පළමු දිනයේ චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම චීන යුවාන් මිලියන 100 ඉක්මවයි

චීනයේ මකර බෝට්ටු උත්සව නිවාඩු පළමු දිනයේ චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම චීන යුවාන් මිලියන 100 ඉක්මවයි

අන්තර්ජාල දත්තවලට අනුව, චීනයේ මකර බෝට්ටු උත්සව නිවාඩු කාලයේ පළමු දිනයේ(19) චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම(පූර්ව අලෙවිය ඇතුළුව) චීන යුවාන් මිලියන 100 ඉක්මවයි. මේ අතර 2026 වසරේ මුල සිට 19 වන විට චීනයේ සමස්ත චිත්‍රපට බෝක්ස් ඔෆිස් ආදායම(පූර්ව අලෙවිය ඇතුළුව) චීන යුවාන් බිලියන 16.5 ඉක්මවා ‍‍‍ගොස් ඇත.

2026 මකර බෝට්ටු උත්සවයේ දින තුනක නිවාඩු කාලය තුළ චිත්‍රපට 20 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇති අතර, මෙය පසුගිය වසර දහය තුළ ඉහළම අගයයි. මෙම නිවාඩුවේ තිරගත කර ඇති චිත්‍රපට අතර විද්‍යා ප්‍රබන්ධ, යොවුන් තේමා සහ කාටූන් ඇතුළු විවිධ වර්ග ආවරණය වන අතර, සියලුම වයස් කාණ්ඩවල නැරඹුම් අවශ්‍යතා සපුරාලිය හැකි වීම ද විශේෂත්වයකි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *