චීන එක්සත් ජාතීන්ගේ සංගමය සහ Genevaහි චීන ස්ථාවර දූත මණ්ඩලය එක්ව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 62 වන සැසිවාරයේ අතුරු රැස්වීමක් පැවැත්වීය. “මානව හිමිකම් සහ ගෝලීය පාලනය” යන්න තේමාව කරගත් එම රුස්වීම මෑතකදී, Genevaහි ජාතීන්ගේ මාලිගයේ පැවැත්විණ. Genevaහි විවිධ රටවල ස්ථාවර දූත මණ්ඩල, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සහ සිවිල් සමාජ සංවිධානවල නියෝජිතයින් 50ක් පමණ මෙම රැස්වීමට සහභාගී වූහ.
මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව එක්සත් වී සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත්, එක් එක් රටේ ජාතික තත්ත්වයන්ට සහ එහි ජනතාවගේ අවශ්‍යතාවලට ගැලපෙන ලෙස මානව හිමිකම් සංවර්ධන මාවතකට අනුගත විය යුතු බවත්, තමන්ගේම ආකෘතිය අනිසි ලෙස වෙනත් රටකට පැණවීමට විරුද්ධ විය යුතු බවත්, මානව හිමිකම් දේශපාලනීකරණයට සහ එය මෙලමක් ලෙස යොදා ගැනීමට විරුද්ධ විය යුතු බවත් සහභාගී වූ ආරාධිතයෝ ප්‍රකාශ කළහ. චීනය ගෝලීය මානව හිමිකම් සහයෝගීතාවයට ක්‍රියාකාරීව සහභාගී වන අතර වඩාත් සාධාරණ සහ අන්තර්කරණය වූ ගෝලීය මානව හිමිකම් පාලන පද්ධතියක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට දායක වූ බව ද එහිදී අවධාරණය කෙරේ.
ගෝලීය මානව හිමිකම් පාලන පද්ධතියේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා ගෝලීය පාලන මුලපිරුම මනා මඟ පෙන්වීමක් ලබා දී ඇති බව ද ඔවුහු පැවසූහ.
