චීනයේ “රැකියා-ප්‍රමුඛ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම පිළිබඳ 15 වන පස් අවුරුදු සැලැස්ම” නිකුත් කෙරේ

චීනයේ “රැකියා-ප්‍රමුඛ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම පිළිබඳ 15 වන පස් අවුරුදු සැලැස්ම” නිකුත් කෙරේ

චීන රාජ්‍ය මණ්ඩලය පසුගියදා “රැකියා-ප්‍රමුඛ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම පිළිබඳ 15 වන පස් අවුරුදු සැලැස්ම” නිකුත් කර ඇත. එමගින් 15 වන පස් අවුරුදු සැලසුම් කාලය තුළ රැකියා-ප්‍රමුඛ උපායමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කිරීම සහ උසස් තත්ත්වයේ පූර්ණ රැකියා නියුක්තිය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ මාර්ගෝපදේශක අරමුණු, ප්‍රධාන කාර්යයන් සහ ප්‍රතිපත්තිමය පියවර පැහැදිලි කෙරේ.

15 වන පස් අවුරුදු සැලසුම් කාලය තුළ රැකියා නියුක්තිය සමස්තයක් වශයෙන් ස්ථාවරව පැවතීම, රැකියා අවස්ථා වඩාත් ප්‍රමාණවත් වීම, රැකියා පරිසරය වඩාත් සාධාරණ වීම, රැකියා ව්‍යුහය වඩාත් ප්‍රශස්ත වීම, පුද්ගලයින් සහ රැකියා අතර ගැලපීම වඩාත් සාධනීය වීම, ශ්‍රම සබඳතා වඩාත් සුසංගත වීම වෙනුවෙන් කටයුතු කළ යුතු බව එම සැලැස්මේ දැක්වේ. 

රැකියා-ප්‍රමුඛ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීමේ සහ උසස් තත්ත්වයේ හා පූර්ණ රැකියා ප්‍රවර්ධනය කිරීමේ සමස්ත ක්‍රියාවලිය පුරාම, පක්ෂයේ නායකත්වය තහවුරු කළ යුතු යැයි  ද එහි සඳහන් වේ. විවිධ ප්‍රදේශ හා විවිධ අංශ රැකියා නියුක්තිය, ජනතාවගේ ජීවනෝපාය පිළිබඳ ඉහළම ප්‍රමුඛතාවයක් ලෙස සලකමින් සැබෑ තත්ත්වයන් සැලකිල්ලට ගෙන සැලැස්මේ දක්වා ඇති මෙහෙයුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු යැයි ද එහි සඳහන් වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *