යේමන ගැටලුවට දේශපාලන විසඳුමක් ලබා දෙන ලෙස චීනයෙන් ඉල්ලීමක්

යේමන ගැටලුවට දේශපාලන විසඳුමක් ලබා දෙන ලෙස චීනයෙන් ඉල්ලීමක්

යේමන ගැටලුවට දේශපාලන විසඳුමක් ලබා දෙන ලෙස චීනය ඉල්ලීමක් සිදු කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Sun Lei මහතා ඊයේ(16) පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මැදපෙරදිග සහ යේමනයේ තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මේ බව සඳහන් කළේ ය. යේමනයේ තත්ත්වය මැදපෙරදිග තත්ත්වයට සමීපව සම්බන්ධ බවත්, සාමකාමී විකල්පයකට අනුගත වන ලෙසත්, සංවාද හා සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගන්නා ලෙසත් චීනය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු එහිදී අවධාරණය කළේ ය. 

පළමු අදියරේ අවබෝධතා ගිවිසුමේ අන්තර්ගතය සම්බන්ධයෙන් ඇමරිකාව සහ ඉරානය අතර ඇති කරගත් එකඟතාව චීනය ඉහළින් පිළිගන්නා අතර පාකිස්තානයේ මැදිහත්වීමේ උත්සාහයන් අගය කරයි. යේමනයේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීනය දැඩි ලෙස සහාය දක්වන බව ද චීන නියෝජිතයා මෙහිදී පැවසීය. යේමනයට තවත් හදිසි මානුෂීය ආධාර ලබා දෙන ලෙසත්, යේමන වැසියන්ගේ ජීවිත ඵලදායී ලෙස වැඩිදියුණු කරන ලෙසත්, මහා පරිමාණ අර්බුද වළක්වා ගන්නා ලෙසත් චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බව, Sun Lei මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *