චීන-පාකිස්ථාන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවේ 75 වන සංවත්සරය බෙයිජිංහිදී සැමරේ

චීන-පාකිස්ථාන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවේ 75 වන සංවත්සරය බෙයිජිංහිදී සැමරේ

චීනය හා පාකිස්ථානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර 75 වසරක් ගත වීමේ සංවත්සරය අභිමානවත්ව සැමරේ. චීන උප ජනාධිපති Han Zheng හා පාකිස්ථාන අග්‍රාමාත්‍ය Muhammad Shahbaz Sharif යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය ඊයේ (25) බෙයිජිංහිදී පැවැත්විණ.

ගතවූ වසර 75 තුළ, චීනය හා පාකිස්ථානය අන්‍යෝන්‍ය ගරුත්වය සහ විශ්වාසය මත පදනම්ව ක්ෂේත්‍ර රැසකින් ජයග්‍රහණ ලබා ඇති බව මෙහිදී අදහස් දක්වමින් Han Zheng මහතා පැවසීය. එහිදී දෙරටෙහි වෙනස් දේශපාලන ක්‍රමවේදයන් මෙන්ම වෙනස් සංස්කෘතීන් පැවතිය ද, දෙපාර්ශ්වයම සහයෝගයෙන් යුතුව සුහදශීලී සබඳතාවක් පවත්වමින්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අත් කර ගනිමින් පොදු-ජයග්‍රාහී බවෙහි සංකේතයක් බවට පත් වෙමින් ආදර්ශවත් රාජ්‍යයන් දෙකක් බවට පත්ව තිබීම ද සුවිශේෂී තත්ත්වයක් බව චීන උප ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

තවද, වඩාත් සංකීර්ණ වූ බාහිර ගෝලීය සන්දර්භයන් හමුවේත් චීනය හා පාකිස්ථානය එක්ව ක්‍රියා කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ මෙම 75 වන සංවත්සරය අවස්ථාවක් කර ගනිමින්, ආවේණික මිත්‍රත්වය, උපායමාර්ගික සන්නිවේදන, ප්‍රායෝගික සහයෝගිතා තහවුරු කරමින් නව යුගයේ පොදු ඉරණමක් සහිත වඩාත් සමීප චීන-පාකිස්ථාන ප්‍රජාවක් ගොඩනැගීම වේගවත් කිරීමට චීනය සූදානම් බව චීන උප සභාපති Han Zheng මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ, පාකිස්ථානය හා චීනය අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය පෙර නොවූ විරූ ඉහළ මට්ටමක් කරා ළඟා වී ඇති බවයි. චීන ජනතාව සිය නොපසුබට උත්සාහයන් හරහා දැවැන්ත සංවර්ධන ජයග්‍රහණ අත් කර ගැනීම තම රට ඉහළින් අගය කරන බවත්, හෙතෙම පැවසීය. එමෙන්ම චීනයේ අත්දැකීම් පිළිබඳ හදාරමින් සිය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම මෙන්ම දෙරටේ මිතුදම අඛණ්ඩව මල්ඵල ගැන්වීම පාකිස්ථානයේ අපේක්ෂාව බව ද හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *