ඇමරිකාව ආසියා කලාපයෙහි මධ්‍යම පරාස මිසයිල පද්ධතිය යෙදවීමට තරයේ විරුද්ධ වන බව චීනය පවසයි. ජපානය සමග සිදු කරන ඒකාබද්ධ යුද අභ්‍යාස සඳහා ඇමරිකාව එළඹෙන ජුනි මස සිට සැප්තැම්බර් මස දක්වා ජපානයේ Kagoshima ප්‍රාන්තයේ Kanoya ගුවන් හමුදා කඳවුරේදී Typhon නම් මධ්‍යම පරාස මිසයිල පද්ධතිය යොදවනු ඇතැයි වාර්තා වෙයි. එම යුද අභ්‍යාසවලින් පසු එම මිසයිල පද්ධතිය ජපානයේ ඇමරිකානු හමුදා කඳවුර වෙත මාරු කෙරෙනු ඇත. මේ පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ගුවෝ චියා කුන් මහතා (22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්විය.
ඇමරිකාව ආසියා කලාපයෙහි මධ්‍යම පරාස මිසයිල පද්ධතිය යෙදවීමට චීනය තරයේ විරුද්ධ වන බවත්, මේ සම්බන්ධයෙන් චීනය බොහෝ වර සිය විරෝධය පළ කර ඇති බවත්, ඔහු එහිදී කියා සිටියේ ය. Typhon මධ්‍යම පරාස මිසයිල පද්ධතිය ප්‍රහාරක අවි පද්ධතියක් බැවින් ඇමරිකාවේ එම ක්‍රියාමාර්ගය කලාපීය උපාය මාර්ගික ආරක්ෂාවට තර්ජනයකි. වැරදි ක්‍රියාමාර්ගය අහෝසි කරමින් කලාපීය සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් ධනාත්මක කාර්යභාරයක් ඉටු කරන ලෙස චීනය ඇමරිකාවෙන් හා ජපානයෙන් ඉල්ලා සිටින බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
