බටහිර සංකල්පයෙන් වෙනස් වූ චීනය තුළ ක්‍රියාත්මක“දේශපාලන කාර්ය සාධනය පිළිබඳ දැක්ම”රටේ සාර්ථකත්වයට පදනමයි 

බටහිර සංකල්පයෙන් වෙනස් වූ චීනය තුළ ක්‍රියාත්මක“දේශපාලන කාර්ය සාධනය පිළිබඳ දැක්ම”රටේ සාර්ථකත්වයට පදනමයි 

“දේශපාලන කාර්ය සාධනය පිළිබඳ දැක්ම”චීන දේශපාලනයෙහි සුවිශේෂ මෙන්ම ගැඹුරු සංකල්පයකි. එය බලධාරියෙකුගේ කාර්ය සාධනය තක්සේරු කිරීමට අදාළ වනු පමණක් නොවේ. එම සංකල්පය රටක් හා දේශපාලන පක්ෂයක් කවුරුන් වෙනුවෙන් ද සහ කවරෙක් මත පදනම් වන්නේ ද යන මූලික තර්කනය ද හෙළි කිරීමකි. බටහිර රටවල් තුළ නියමිත කාලයක පැවැත්වෙන මැතිවරණ මත බිහි වූ රජයන් කලින් කලට මාරු වීම හේතුවෙන් රාජ්‍ය පරිපාලනය විවිධ ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දීම සිදු වේ. එහෙත් චීන දේශපාලනයෙහි ඊට හාත්පසින්ම වෙනස් ක්‍රමවේදයක් දක්නට ලැබේ. එම වෙනස අවබෝධ කරගැනීම සඳහා චීනයේ කුඩා ගම්මානයක් කදිම නිදසුනකි.

චීනයේ හු නැන් පළාතට අයත් Shibaodong ගම්මානය  2013 වසරේදී ඉතා දිළිඳු තත්ත්වයක පැවතිණ. එම වසරේ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ධුරයට පත් වී වසරක් පමණ කටයුතු කළ ෂී ජින්පිං මහතා නිරීක්ෂණයක් සඳහා Shibaodong ගම්මානයට පැමිණියේය. එහිදී හෙතෙම ප්‍රථම වරට ඉලක්කගතව දරිද්‍රතාවය පිටුදැකීමේ සංකල්පය ඉදිරිපත් කළේය. එතැන් සිට වසර 10ක් ගතවීමෙන් පසු එම සංකල්පය ක්‍රියාවට නංවා ගැනීමෙන් Shibaodong ගම්මානය දිළිඳුකමින් මුදාගෙන සශ්‍රීක ගම්මානයක් බවට පත්ව ඇත. මෙවන් ග්‍රාමීය පෙරළියක් චීනය දරිද්‍රතාවය පිටුදැකීමේදී ලද ජයග්‍රහණයක් පමණක් නොව, චීන ලක්ෂණයෙන් යුත් දේශපාලන කාර්ය සාධනය පිළිබඳ දැක්ම යථාර්ථයෙහි පහදා දෙනු ලැබීමක් ද වන බව කිව හැකිය. Shibaodong ගම්මානයේ සිදුවූ පෙරලිය එහි සෑම බලධාරියෙකුගේම විශිෂ්ට කාර්ය සාධනයේ ප්‍රතිඵලයක් නොවේ. 2014 වසරේ සිට 2026 වසර දක්වා කාලයේ මාරුවෙන් මාරුවට ධුරයන් දැරූ බලධාරීන් 7 දෙනෙකුගේ කැපවීම් හේතුවෙන් Shibaodong ගම්මානයේ පෙරලියක් සිදු වූ බව කිව යුතුය. “මහජන සේවාවකදී එහි සාර්ථකත්වය තමන්ට අයත් නොවූවකි. එහෙත් එහි සාර්ථකත්වයට මම දායක වූවෙමි.”යනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසා තිබේ. බිම් මට්ටමේ බලධාරීන් චීන ලක්ෂණයෙන් යුත් දේශපාලන කාර්ය සාධනය පිළිබඳ දැක්ම ක්‍රියාවට නංවා ගන්නේ චීන ජනාධිපතිවරයා පළ කළ එම අදහස් සිතේ රඳවා ගෙනය.

බටහිර දේශපාලනයෙහි පාලකයාගේ සේවා කාලය මැතිවරණ චක්‍රයට දැඩිව සම්බන්ධය. වසර 4ක් 5ක් වන එක් නිල කාලයක් හිමි එම පාලකයාගේ දේශපාලන දිවිය ඊළඟ මැතිවරණ ඡන්ද ප්‍රතිඵල මත තීරණය වන විට, වසර 20කින් පසු සෙවනැල්ල ලබා‍දිය හැකි මහ ගසක් රෝපණය කිරීමට ඔහු මැලි වේ. එහෙත් මහජනතාව වෙනුවෙන්ම සේවය කරන චීන බලධාරීන්ට නම් සිය නිල කාලය කෙතරම් වෙනස් වුව ද රට හා ජනතාව ‍වෙනුවෙන් සේවය කිරීමේ පරමාර්ථය කිසිවිටෙක අමතක නොවේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *