ශ්‍රී ලංකාව සහ චීනය අතර මාධ්‍ය සහයෝගීතාවය ප්‍රවර්ධනය කරමින් දෙරට ජනතාව අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ CGTN සිංහල සේවය විශේෂ ඇගයීමකින් පිදුම් ලබයි. චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙම ඇගයීම ප්‍රදානය කරනු ලැබිණ. චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඇගයීම් උත්සවය අද(21) බෙයිජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.
සිංහල භාෂාවෙන් ප්‍රවෘත්ති සහ සංස්කෘතික අන්තර්ගතයන් ව්‍යාප්ත කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීමෙන් CGTN සිංහල සේවය දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කිරීමට සහ සමීප සබඳතා ගොඩනැගීමට අර්ථවත් කාර්යභාරයක් ඉටු කිරීම මෙහිදී පැසසුමට ලක්විය. CGTN සිංහල සේවය වෙනුවෙන් ඇගයීම් ලබා ගැනීමේ අවස්ථාවට CGTN සිංහල සේවයේ අධ්‍යක්ෂ Shi Yue මහත්මිය සහභාගී විය.
ශ්‍රී ලංකා-චීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමේ 70 වන සංවත්සරය සහ 1952 ඓතිහාසික සහල්-රබර් ගිවිසුමේ 75 වන සංවත්සරය සනිටුහන් කිරීම වෙනුවෙන් මෙම ඇගයීම් උත්සවය සංවිධාන කෙරිණ. මෙහිදී ශ්‍රී ලංකා-චීන ද්විපාර්ශ්වික සම්බන්ධතාව වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන ආයතන කිහිපයක් ද ඇගයීමට ලක් විය.
