යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකාව චීනයට එල්ල කරන චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද(21) පැවති යුක්‍රේන අර්බුදය පිළිබඳ සාකච්ඡාවේදී එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Sun Lei මහතා මේ බව පැවසීය. එම සාකච්ඡාවේදී ඇමරිකානු නියෝජිතයන්ගේ අසත්‍ය ප්‍රකාශය කෙරෙහි හෙතෙම ප්‍රතිචාර දක්වා ඇත.
යුක්‍රේන අර්බුදය ඇති වීමෙන් පසු දිගුකාලීනව යුද පිටියට ආයුධ සපයා යුද්ධය දිගු කිරීමට උත්සාහ දරමින් සිටින්නේ චීනය නොව ඇමරිකාව බව හෙතෙම පැහැදිලි කළේය. සිය වගකීම් වෙනත් රටවලට පවරා නොදී සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම, යුද්ධය අවසන් කිරීම හා සාම සාකච්ඡා පැවැත්වීමට සක්‍රිය කර්යභාරයක් ඉටු කරන ලෙස චීනය යළි ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවද Sun Lei මහතා අවධාරණය කළේය.
