චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම 2026 වර්ෂය සඳහා වන ප්‍රධාන ව්‍යාපෘති ලැයිස්තුවේ දෙවන කොටස නිකුත් කර තිබේ. එමගින් ජාතික උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සහ ප්‍රධාන ක්ෂේත්රවල ආරක්ෂණ ධාරිතාවය ගොඩනැගීමට අපේක්ෂා කෙරේ.
ඊයේ(19) නිකුත් කළ නිවේදනයකට අනුව ප්‍රධාන ව්‍යාපෘති 336ක් වෙනුවෙන් අති-දීර්ඝ විශේෂ භාණ්ඩාගාර බැඳුම්කර මගින් යුවාන් බිලියන 216.8ක් වෙන් කර ඇත. කෘත්‍රිම බුද්ධිය, නාගරික භූගත නල මාර්ග ප්‍රතිසංස්කරණය, යැංසි ගංගා ආර්ථික කලාපය ඔස්සේ ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය, උසස් තත්ත්වයේ කෘෂිකාර්මික ඉඩම් සංවර්ධනය සහ උසස් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් මෙමගින් ආවරණය කෙරේ.
මීට පෙර පළමු කොටස ලෙස වෙන් කළ යුවාන් බිලියන 389.7ක් සමග ජාතික සංවර්ධනය සඳහා වන ව්‍යාපෘතිවලට සහාය වෙනුවෙන් වූ සමස්ත අරමුදල යුවාන් බිලියන 606.5 දක්වා ළඟා වීම විශේෂත්වයකි. එය 2026 වසර සඳහා වෙන් කළ සමස්තයෙන් සියයට 80කි. අදාළ කොමිසමේ නිලධාරියෙකු පැවසුවේ, ආයෝජන හා මූල්‍යකරණ යාන්ත්‍රණ වැඩිදියුණු කිරීම, මෘදු යටිතල පහසුකම් සංවර්ධනය සහ මධ්‍යම ආයෝජන අරමුදල් අධීක්ෂණය ශක්තිමත් කිරීම සඳහා ඉදිරියටත් ක්‍රියාමාර්ග රුසක් ගන්නා බවය.
