චීනය හා ඇමරිකාව අතර ” ‍මේසපන්දු රාජ්‍යතාන්ත්‍රිකත්වයේ ” 55වැනි සංවත්සර සැමරුම් සමුළුව පැවැත්වෙයි

චීනය හා ඇමරිකාව අතර ” ‍මේසපන්දු රාජ්‍යතාන්ත්‍රිකත්වයේ ” 55වැනි සංවත්සර සැමරුම් සමුළුව පැවැත්වෙයි

චීනය හා ඇමරිකාව අතර ” ‍මේසපන්දු රාජ්‍යතාන්ත්‍රිකත්වයේ ” 55වැනි සංවත්සරය නිමිත්තෙන් සැමරුම් සමුළුව සහ චීන-ඇමරිකා යෞවනයන්ගේ ක්‍රීඩා හුවමාරු ක්‍රියාකාරකම් මාලාවේ සමාරම්භක උත්සවය ඊයේ(10) ‍‍බෙයිජිංහිදී පැවැත්විණ. චීන උප ජනාධිපති Han Zheng මහතා සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවුඩය ඉදිරිපත් කර දේශනයක් ද පැවැත්වීය.

පසුගිය 1971 වසරේ අප්‍රේල් මස “‍මේසපන්දු රාජ්‍යතාන්ත්‍රිකත්වය ” මගින් චීනය හා ඇමරිකාව රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ වී දෙරටේ සබඳතාවේ නව පරිඡේදයක් නිර්මාණය කර ඇත. එය එවක චීන-ඇමරිකා සබඳතාවට පමණක් නොව ලෝක ව්‍යූහයට ගැඹුරු බලපෑම් එල්ල වූ බවද Han Zheng මහතා පැවසීය. 

චීනය හා ඇමරිකාව ඉතිහාස අත්දැකීම් අධ්‍යායන කළ යුතුය. දෙරට රාජ්‍ය නායකයින් එළඹි එකඟතාවන්ට අනුව අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී යහපැවැත්මේ මූලික රේඛාව ආරක්ෂා කරමින් සහයෝගීතාවය මගින් පොදු ජයග්‍රහණ ලබා ගැනීමේ ඉදිරිදැක්ම සඳහා දෙරට උත්සාහ දැරිය යුතු බවද හෙතෙම පැවසීය.

උත්සවය අතරතුර, චීනය සහ ඇමරිකානු ආරාධිතයින් සමඟ එක්ව Han Zheng මහතා චීන-ඇමරිකා යෞවන ක්‍රීඩා හුවමාරු ක්‍රියාකාරකම් මාලාව ආරම්භ කළේය. චීනය හා ඇමරිකාව අතර ” ‍මේසපන්දු රාජ්‍යතාන්ත්‍රිකත්වයට ” සහභාගී වූවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සමඟ හෙතෙම සුහද පිළිසඳරකටද එක් වූහ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *