2025 වසරේ චීනය ගෝලීය පිළිගැනීම අතින් ඇමරිකාව අභිබවා ගියේය. චීනයේ නායකත්වය සඳහා මධ්‍ය අනුමත ශ්‍රේණිගත කිරීම 36% ක් වන අතර එය ඇමරිකාවට වඩා සියයට 5කින් ඉදිරියෙන් සිටී. ඇමරිකාවේ මත විමසුම් ආයතනයක් වන Gallup සමාගම ඊයේ (03) නිකුත් කළ ගෝලීය මත විමසුම් ප්‍රතිඵල මගින් මෙය පෙන්වා දී ඇත.
Gallup සමාගමේ වාර්තාවට අනුව, මෙය පසුගිය වසර 20ක කාලය තුළ ලෝකයේ පිළිගැනීම සම්බන්ධයෙන් චීනය ඇමරිකාව අභිභවා යාමේ විශාලතම පරතරයයි.
