චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා (25) තුර්කි විදේශ අමාත්‍ය Hakan Fidan මහතා සමඟ දුරකථන සංවාදයක නිරත විය.
සාමය සාක්ෂාත් කරගැනීමේ අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් යුද්ධය අවසන් කිරීම ප්‍රවර්ධනය සඳහා සක්‍රිය ලෙස සටන් විරාම සඳහා ගොස් සාම සාකච්ඡා පැවැත්වීමට පෙළඹවීම වත්මන් හදිසි අවශ්‍යතාවක් බව වං යී මහතා එහිදී ප්‍රකාශ කළේය. එමෙන්ම දිගුකාලීන හා මූලික අවශ්‍යතා මත වත්මන් අර්බුදයට සංවරව මුහුණ දෙමින්, සංවාදය මගින් ගැටුම් සහ මතභේද විසඳා ගැනීමට කලාපීය රටවල් ගන්නා පියවර වෙනුවෙන් චීනය නිසි අනුබලය ලබා දෙන බවත් හෙතෙම පැවසීය. තවද, සාකච්ඡා යළි ආරම්භ කිරීම ප්‍රවර්ධනය කිරීමේදී ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට චීනය තුර්කියට සහාය දෙන බවත් වං යී මහතා එහිදී සඳහන් කර ඇත.
මෙහිදී අදහස් දක්වමින් තුර්කි විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, වත්මන් මැදපෙරදිග තත්ත්වය සම්බන්ධයෙන් තම රට ද චීනය හා සමාන ස්ථාවරයක් දරමින් සිටින බවයි. එමෙන්ම යුද්ධය තවදුරටත් ව්‍යාප්ත කරමින් සිදු කරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අවසරයක් නොමැති යුද ප්රහාරයන්ට තුර්කිය විරෝධය පළ කරන බව ද හෙතෙම එහිදී සඳහන් කළේය. ඒ අනුව සටන් විරාම ප්‍රවර්ධනය කර ලෝකය සාමකාමී සංවර්ධනයක් කරා යොමු කිරීමේ නිසි මාර්ගයට යළි ගෙන ඒම සඳහා චීනය සමග එක්ව උත්සාහ දැරීමට තුර්කිය කැමැත්තෙන් සිටින බවත් තුර්කි විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය.
