2026 Zhongguancun සංසදයේ වාර්ෂික රැස්වීම චීනයේ බෙයිජිංහිදී ඇරඹේ

2026 Zhongguancun සංසදයේ වාර්ෂික රැස්වීම චීනයේ බෙයිජිංහිදී ඇරඹේ

2026 Zhongguancun සංසදයේ වාර්ෂික රැස්වීම අද (25) උදෑසන චීනයේ බෙයිජිං නුවරදී ආරම්භ විය. “තාක්ෂණික නවෝත්පාදනය සහ කාර්මික නවෝත්පාදනය අතර ගැඹුරු ඒකාබද්ධතාවය” යන තේමාව යටතේ මෙම රැස්වීම දින 5ක් පැවැත්වීමට නියමිතයි. සංසද සමුළුව සහ ප්‍රතිඵල නිකුත් කිරීම් ඇතුළු ප්‍රධාන අංශ පහක් මේ සඳහා ඇතුළත් වන අතර, ඊට අදාළ ක්‍රියාකාරකම් 100කට අධික සංඛ්‍යාවක් ද එහිදී පැවැත්වෙනු ඇත.

රටවල් සහ කලාප 100කට අධික සංඛ්‍යාවකින් පැමිණි නියෝජිතයින් දහස් ගණනක් මෙම වාර්ෂික රැස්වීම සඳහා සහභාගි වී තිබේ. එමෙන්ම මෙවර රැස්වීමේදී තාක්ෂණික ගනුදෙනු ක්ෂේත්‍රය තුළ, ඊට අදාළ ක්‍රියාකාරකම් 20කට අධික සංඛ්‍යාවක් පැවැත්වෙන අතර, දෙස් විදෙස් තාක්ෂණික ව්‍යාපෘති 500කට අධික සංඛ්‍යාවක් ද ඊට ඇතුළත් වේ.

මේ අතරතුර, චීන ජාතික ස්වාභාවික විද්‍යා පදනම විසින් මෙම වාර්ෂික රැස්වීමේ සමාරම්භක උත්සවයේදී “2025 වසරේ චීනයේ වැදගත්ම විද්‍යාත්මක දියුණුවක් ලැබූ අංශ දහය” නිකුත් කරන ලදී. Chang’e 6 සාම්පල හරහා ප්‍රථම වරට සඳෙහි ඈත ප්‍රදේශයේ පරිණාමීය ඉතිහාසය පිළිබඳ කරුණු අනාවරණය සහ ග්‍රහ වස්තූන් ගැටීමෙන් එම ප්‍රදේශයට සිදුව ඇති ප්‍රබල බලපෑම් හෙළි කිරීම යනාදිය ද ඊට ඇතළත් වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *