චීන බලශක්ති ගබඩා ක්ෂේත්‍රයේ පළමු කෘත්‍රිම බුද්ධි දත්ත විශ්ලේෂණ වේදිකාව වැඩ අරඹයි

චීන බලශක්ති ගබඩා ක්ෂේත්‍රයේ පළමු කෘත්‍රිම බුද්ධි දත්ත විශ්ලේෂණ වේදිකාව වැඩ අරඹයි

නවමු මුහුණුවරකින් නිර්මාණය කෙරුණු චීන බලශක්ති ගබඩා ක්ෂේත්‍රයෙහි පළමු කෘත්‍රිම බුද්ධි දත්ත විශ්ලේෂණ වේදිකාව ක්‍රියාවට නැංවීම ආරම්භ වෙයි. චීනය ස්වාධීනව සැකසූ එම වේදිකාව නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම ඊයේ (23) සිදු විය.

විවිධ වර්ගවල නව බලශක්ති ගඩබා උපාංග හා සම්බන්ධ එම වේදිකාවට කෘත්‍රිම බුද්ධි ස්වයං ඉගෙනීම හා දැවැන්ත දත්ත විශ්ලේෂණ මගින් දුරස්ථව හා තත්‍ය කාලීනව බලශක්ති ගඩබා උපාංගයන්හි දෝෂ හා සැඟවුණු අනතුරු සොයා ගැනීමට හැකිය. එමෙන්ම එම බලශක්ති ගඩබා උපාංග වෙනුවෙන් ස්වයංක්‍රීයව මෙහෙයුම් හා නඩත්තු සැලසුම් සකස් කර කඩිනමින් අදාළ ගැටලු නිරාකරණය කිරීමේ හැකියාව එම කෘත්‍රිම බුද්ධි දත්ත විශ්ලේෂණ වේදිකාව සතු වේ.

මේ වන විට මෙම වේදිකාව සඳහා නව බලශක්ති ගබඩා බලාගාර 8ක් සම්බන්ධ කර ඇත. වසරක අත්හදා බැලීමෙන් පසු එම බලාගාර අටෙහි උපකරණ අක්‍රිය වීමේ අනුපාතය 34%කින් අඩු වී ඇති අතර එහි නව බලශක්ති පරිභෝජනය ද 30%කින් පමණ ඉහළ ගොස් තිබේ.

එම වේදිකාව සතුව මහා පරිමාණ බලශක්ති ග‍බඩා මධ්‍යස්ථාන 100කට වැඩි සංඛ්‍යාවක් සඳහා බුද්ධිමත් විශ්ලේෂණ හැකියාවන් ඇත. එසේම චීනයේ බලශක්ති ගබඩා සඳහා වන මෙම පළමු කෘත්‍රිම බුද්ධි දත්ත විශ්ලේෂණ වේදිකාවෙහි ලිතියම් හා සෝඩියම් බැටරි පිළිබඳ උසස් තත්ත්වයේ දත්ත ගොඩ නගා තිබීම ද විශේෂත්වයකි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *