චීන ජනපති සහ ටර්ක්මෙනිස්තාන ජාතික නායකයා අතර හමුවක් බෙයිජිංහිදී

චීන ජනපති සහ ටර්ක්මෙනිස්තාන ජාතික නායකයා අතර හමුවක් බෙයිජිංහිදී

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ටර්ක්මෙනිස්තාන ජනතාවගේ ජාතික නායක Gurbanguly Berdimuhamedov මහතා‍ හමු වෙයි. අද (18) පස්වරුවේ බෙයිජිං හිදී චීන ජනාධිපතිවරයා ටර්ක්මෙනිස්තාන ජනතාවගේ ජාතික නායක, ටර්ක්මෙනිස්තාන මහජන කමිටුවේ සභාපති Gurbanguly Berdimuhamedov මහතා හමු විය.

අන්‍යෝන්‍ය වශයෙන් සහාය වීම චීන-ටර්ක්මෙනිස්තාන පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයේ කේන්ද්‍රීය හරය බව ෂී ජින් පිං ජනාධිපතිවරයා එහිදී කියා සිටි‍යේ ය. ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද ටර්ක්මෙනිස්තානයේ ජාතික ස්වාධීනත්වය, ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවට චීනය නොවෙනස්ව සහාය දෙයි. එසේ ම ටර්ක්මෙනිස්තානයේ විශ්වසනීය හවුල්කරුවෙකු වශයෙන් චීනය වෙළඳාම, ආයෝජනය, ස්වාභාවික ගෑස්, කෘෂිකර්මය, කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් ආර්ථිකය හා පවිත්‍ර බලශක්ති ඇතුළු ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගිතාව වඩාත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම පවසයි. චීනය ටර්ක්මෙනිස්තානය සමග ජාතිකාරක්ෂාව තහවුරු කිරීමට සහයෝගයෙන් කටයුතු කරනු ඇත. එසේ ම නිරතුරුවම මතු වන ගෝලීය අභියෝග ඉදිරියේ ටර්ක්මෙනිස්තානය සමග එක්ව බහුපාර්ශ්වවාදය ක්‍රියාත්මක කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකාරිය රැකගැනීමට චීනය කැමති බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

චීන‍යේ සමෘද්ධිමත් සංවර්ධනය අගය කරමින් Gurbanguly Berdimuhamedov මහතා එහිදී කියාසිටියේ චීන ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ නායකත්වය යටතේ ද්විපාර්ශ්වික සබඳතා ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බවය. දෙරට විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගිතා පවත්වමින් ද්විපාර්ශ්වික සම්බන්ධතා පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය දක්වා වර්ධනය කරගැනීමට සමත්ව තිබේ. ටර්ක්මෙනිස්තාන-චීන සහයෝගිතාව දෙරට ආර්ථික හා සමාජයීය සංවර්ධනයන්හි වැදගත් සාධකය බවට පත්ව ඇතැයි හෙතෙම පවසයි. ටර්ක්මෙනිස්තාන රජය එකම චීනය යන මූලධර්මය පෙර සේම අනුගමනය කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා  චීන-මධ්‍යම ආසියා යාන්ත්‍රණය ඇතුළු බහුපාර්ශ්වික වේදිකාවන්හි චීනය සමග සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ලෝක හා කලාපීය සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට සිය රජය කැමැත්තෙන් සිටින බව ද Gurbanguly Berdimuhamedov මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *