ඉකුත් ජනවාරි හා පෙබරවාරි මාස දෙක තුළ චීනයේ ප්‍රධාන ආර්ථික දර්ශක සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත් වෙයි.
රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවකදී චීන ජාතික සංඛ්‍යාලේඛන පරිපාලනය මේ බව හෙළි කළේය. එහිදී අනාවරණ වූයේ, නව වසරේ චීන ආර්ථික වර්ධනයේ ධනාත්මක ආරම්භයක් අත්කර ගෙන ඇති බවයි.
ඉකුත් ජනවාරි හා පෙබරවාරි මාස දෙක තුළ, රට පුරා වාර්ෂික ආදායම් යුවාන් කෝටි 2කට අධික ප්‍රමාණයක් හිමි කාර්මික ව්‍යවසායන්හි එකතු කළ අගය, වසරින් වසර 6.3%කින් ඉහළ ගොස් තිබෙන බව ජාතික සංඛ්‍යාලේඛන පරිපාලනය එම හමුවේදී නිකුත් කළ දත්තයන්හි සඳහන් විය.
ඉකුත් ජනවාරි හා පෙබරවාරි මාස දෙක තුළ ජාතික සේවා අංශයේ නිෂ්පාදන දර්ශකය වසරින් වසර 5.2%කින් ද, භාණ්ඩ ආනයන හා අපනයනවල මුළු වටිනාකම 18.3%කින් ද, පාරිභෝගික භාණ්ඩවල මුළු සිල්ලර අලෙවිය 2.8%කින් ද වැඩි වීම විශේෂත්වයකි.
චීනය වඩාත් ක්‍රියාශීලී සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් දේශීය ඉල්ලුම අඛණ්ඩව පුළුල් කොට සැපයුම ප්‍රශස්ත කර ඇතැයි චීන ජාතික සංඛ්‍යාලේඛන පරිපාලනයේ ප්‍රවෘත්ති ප්‍රකාශකවරයෙක් එහිදී පැවසීය.
