රටේ 15 වන පස් අවුරුදු සැලසුම් කෙටුම්පත් කෙටි කාලීන සහ දිගු කාලීන ඉලක්ක ඒකාබද්ධ කරන නැගී එන කර්මාන්ත පිළිබඳ සංවර්ධන අනුපිළිවෙලක් ගොඩනඟා තිබෙන බව චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුවේ ප්‍රධානියෙක් පවසයි. ඔහු මෙසේ පැවසුවේ රාජ්‍ය මණ්ඩලයේ ප්රවෘත්ති කාර්යාලය අද(7) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
වර්තමානය කෙරෙහි අවධානය යොමු කරමින් 15වන පස් අවුරුදු සැලසුම් කෙටුම්පත, ඊළඟ පරම්පරාවේ තොරතුරු තාක්ෂණය සහ නව බලශක්තිය වැනි උපායමාර්ගික නැගී එන කර්මාන්ත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට සැකසීම් සිදු කර ඇත.
මධ්‍ය කාලීනව බලන විට, ඒකාබද්ධ පරිපථ, ජෛව වෛද්‍ය විද්‍යාව සහ අභ්‍යවකාශය වැනි නැගී එන කර්මාන්ත සංවර්ධනයට යොමු වෙමින් ජාතික ආර්ථික සංවර්ධනය සඳහා නව කුලුනු ගොඩනැගීමට සැරසේ.
දිගු කාලීනව ගතහොත්, එය ක්වොන්ටම් තාක්ෂණය, මොළය-පරිගණක තාක්ෂණය හා Embodied බුද්ධි(සංජානනමය සහ ප්‍රතිචාරමය හැකියාව සහිත) තාක්ෂණය වැනි අනාගත කර්මාන්ත සඳහා පූර්වගාමීව සැලසුම් කර ඇතැයි ඔහු කියා සිටියේය.
