හෝමූස් සමුද්‍ර සන්ධිය හා ඊට ආශ්රිත මුහුදු ප්‍රදේශ, ජාත්‍යන්තර භාණ්ඩ හා බලශක්තිය සඳහා වැදගත් වෙළඳ මාර්ග බවත්, මෙම කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අවශ්‍යතාවක් බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පවසයි. අද(4) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ වාර්තාකරුවෙකුගේ හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික බාධාව පිළිබඳ ප්‍රශ්නයට පිළිතුර සපයමින් ඇය මෙසේ සඳහන් කළා ය.
අස්ථාවරත්වය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට ඇති වන බලපෑම ඉහල නැංවීම වැළැක්වීම සඳහා, වහාම හමුදා මෙහෙයුම් නතර කරමින් තවදුරටත් ආතතීන් උත්සන්න වීම වැළැක්වීමට ක්‍රියා කරන ලෙස චීනය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද ඇය ප්‍රකාශ කළා ය.
