ජාත්‍යන්තර සම්බන්ධතාව තුළ ප්‍රචණ්ඩත්වය යොදා ගනිමින් සෙසු රටවල ස්වාධීන ආරක්ෂාව උල්ලංඝනය කිරීමට චීනය තරයේම විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි.
ඇය එසේ පැවසුවේ අද(2) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවේදී ඇමරිකාව හා ඊශ්‍රායලය විසින් ඉරානය වෙත හමුදාමය ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි. චීනය වත්මන් තත්ත්වය කෙරේ දැඩි අවධානයකින් සිටින බවද ඇය කීවාය. හමුදාමය මෙහෙයුම් නතර කර යුද තත්ත්වය ව්‍යාප්තවීම හෝ වෙනත් ප්‍රදේශයකට පැතිර යාම වැළැක්වීමට කඩිනමින් පියවර ගත යුතු බව ද ඇය පෙන්වා දුන්නාය.
මැදපෙරදිග මෙන්ම ලෝක සාමය හා ස්ථාවරත්වය සහතික කිරීම සඳහා, චීනය ජාත්‍යන්තර ප්‍රජාව සමග සටන් නතර කිරීමටත් සංවාද හා සාකච්ඡාවලින් ගැටලු විසඳීම ප්‍රවර්ධනය කිරීමටත් එක්ව උත්සාහ කරනු ඇතැයිද මාඕ නිං මහත්මිය අවධාරණය කර ඇත.
