චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජර්මන් චාන්සලර් Friedrich Merz මහතා හමු වෙයි. එම හමුව (25) සවස බෙයිජිං හිදී සිදු විය.
ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය හා ලොව තුන්වන විශාලතම ආර්ථිකය හිමි ජර්මනිය අතර සම්බන්ධතා දෙරට යහපතට පමණක් නොව යුරෝපයට හා ලෝකයට ද වැදගත් බව චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. ද්විපාර්ශ්වික සබඳතා වඩාත් වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළ චීන ජනාධිපතිවරයා යෝජනා තුනක් ඉදිරිපත් කළේ ය. එම යෝජනා අනුව චීනය හා ජර්මනිය අන්‍යෝන්‍ය සහාය ලබාදෙන විශ්වසනීය හවුල්කරුවන් මෙන්ම අන්‍යෝන්‍ය විවෘතභාවය හා ප්රතිලාභ මත පදනම් වන නවෝත්පාදන හවුල්කරුවන් විය යුතු ය. එසේ ම, චීනය හා ජර්මනිය සංස්කෘතික වශයෙන් මනා අවබෝධයක් හා සමීපතාවක් තිබෙන හවුල්කරුවන් විය යුතු ය. ජාත්‍යන්තර කටයුතුවලදී බහුපාර්ශ්වවාදයේ ආරක්ෂාව, ජගත් නීතියේ පාලනය, නිදහස් වෙළඳාම ආරක්ෂාව සහ සමගිය හා සහයෝගිතාව සඳහා චීනය හා ජර්මනිය ප්රමුඛත්වයක් ලබා දිය යුතු බවත්, දෙරට එක්සත් ජාතීන්ගේ කේන්ද්‍රීය ස්ථානයට අනුබල දිය යුතු බවත්, ෂී ජින් පිං ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
