න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කළ බවට ඇමරිකාව නගන චෝදනාව චීනය සම්පූර්ණයෙන්ම බැහැර කරයි

න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කළ බවට ඇමරිකාව නගන චෝදනාව චීනය සම්පූර්ණයෙන්ම බැහැර කරයි

වත්මන් සංකීර්ණ ජාත්‍යන්තර ආරක්ෂක තත්ත්වය මධ්‍යයේ සැමවිටම සාධාරණ, සහයෝගී, සමබර සහ ඵලදායී අවි පාලනයකට අනුගත වන බව චීනය පවසයි. නිරායුධකරණ කටයුතු පිළිබඳ චීන තානාපති Shen Jian මහතා මේ බව සඳහන් කළේ ඊයේ (23) ජිනීවාහි පැවති ඉහළ මට්ටමේ නිරායුධකරණ සමුළුවකදී ය.

“විස්තීර්ණ න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් ගිවිසුමේ” අරමුණු සඳහා චීනය ස්ථීරවම සහාය දක්වන බව හෙතෙම අවධාරණය කළේය. චීනය න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කළ බවට ඇමරිකාව නගන චෝදනාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවත් එය න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමේ යටි අරමුණකින් යුතුව ඇමරිකාව නගන චෝදනාවක් බවත් හෙතෙම පැවසීය.

න්‍යෂ්ටික අත්හදා බැලීම් වැළැක්වීමේ ගෝලීය එකඟතාව ආරක්ෂ කිරීම සඳහා, න්‍යෂ්ටික අත්හදා බැලීම් අත්හිටුවී‍මේ පොරොන්දුව යළි තහවුරු කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද Shen Jian මහතා එහිදී අවධාරණය ක‍ළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *