චීනයේ වසන්ත උත්සව නිවාඩු සමයේ රට පුරා දුම්රියෙන් ගමන් ගත් මගී වාර සංඛ්‍යාව මිලියන121ක්

චීනයේ වසන්ත උත්සව නිවාඩු සමයේ රට පුරා දුම්රියෙන් ගමන් ගත් මගී වාර සංඛ්‍යාව මිලියන121ක්

චීන ජාතික දුම්රිය සමූහයේ දත්තවලට අනුව, මෙවර චීනයේ වසන්ත උත්සව නිවාඩු සමය හෙවත් පසුගිය 15වැනිදා සිට ඊයේ (23) දක්වා කාල සීමාව තුළ, රට පුරා දුම්රියෙන් ගමන් ගත් මගී වාර සංඛ්‍යාව මිලියන 121කි. එමෙන්ම දුම්රියෙන් ප්‍රවාහනය කර ඇති භාණ්ඩ ප්‍රමාණය ටොන් මිලියන 85.38ක් වේ. අදාළ සංඛ්‍යා පසුගිය වසරේ සමාන කාල සීමාවට වඩා වෙන් වෙන්ව සියයට 11.5කින් හා 0.5කින් වැඩි වී ඇත. චීන ජාතික දුම්රිය සමූහය මගීන්ගේ ගමන් අවශ්‍යතා හා නිවාඩු සමයේ ආර්ථිකය ස්ථිර ව මෙහෙයවීම සඳහා ප්‍රබල අනුබලයක් දී තිබේ. 

ඊට අමතරව, මෙවර වසන්ත උත්සව නිවාඩු සමයේ රට පුරා චීනයට පැමිණි සහ චීනයෙන් පිටව ගිය පුද්ගලයින් වාර ගණන මිලියන 17.796ක් වූ අතර එහි දෛනික වාර ගණන මිලියන 1.977කි. පසුගිය වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව එහි දෛනික වාර ගණන සියයට 10.1කින් වැඩි වී ඇත. සමස්ත නිවාඩු කාලයේ රට පුරා චීනයට පැමිණීම හා චීනයෙන් පිටව යාමේ කටයුතු ඉතා සුරක්ෂිතව හා ඵලදායිව ක්‍රියාත්මක කර ඇත.  

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *