කැනඩාව හා බ්‍රිතාන්‍යය යන රටවල් දෙකේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා චීනය වීසා නිදහස් කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් අද(15) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
ඒ අනුව 2026 වසරේ පෙබරවාරි මස 17 වනදා සිට මෙම වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා ඉහත රටවල සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට සිය ව්‍යාපාර කටයුතු, සංචාර, ඥාතීන් හා මිතුරන් හමුවීම ආදී අවශ්‍යතා සඳහා දින 30ක කාලයක් වීසා බලපත්‍රයක් නොමැතිව චීනයට ඇතුළු වී එහි රැඳී සිටිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
