චීන ජනපති ඇතුළු නායකයන් ‍චීන හිටපු නායකයන් හා විශ්‍රාමික ඉහළ පෙළේ නිලධාරීන්ට වසන්ත උත්සව සුබ පැතුම් පිරිනමයි

චීන ජනපති ඇතුළු නායකයන් ‍චීන හිටපු නායකයන් හා විශ්‍රාමික ඉහළ පෙළේ නිලධාරීන්ට වසන්ත උත්සව සුබ පැතුම් පිරිනමයි

චීන වසන්ත උත්සවය උදාවීමට පෙර, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු නායකයෝ, හිටපු ජනාධිපති Hu Jintao මහතා ඇතුළු හිටපු නායකයන් හා විශ්‍රාමික ඉහළ පෙළේ නිලධාරීන්ගේ සුවදුක් විමසමින් ඔවුන්ට වසන්ත උත්සවය වෙනුවෙන් සුභ පැතුම් පිරිනමා නීරෝගී සුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරති.

එම සුබපැතුම් වෙනුවෙන් එම හිටපු නායකයන් හා විශ්‍රාමික ඉහළ පෙළේ නිලධාරීහූ සිය කෘතඥතාව පළ කළ අතර,පසුගිය වසර පුරා විවිධ කටයුතුවලදී චීන කොමියුනිස්ට් පක්ෂය සහ රට ලබා ඇති කැපී පෙනෙන ජයග්‍රහණ බෙහෙවින් අගය කළහ.

සමස්ත චීන කොමියුනිස්ට් පක්ෂය, සමස්ත චීන මහජන විමුක්ති හමුදාව සහ රට පුරා සිටින සියලුම ජනවාර්ගික කණ්ඩායම්වල ජනතාව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කරගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වටා වඩාත් සමීපව එක්සත් වී, චීන මාදිලියේ නවීකරණය තුළින් ශක්තිමත් රටක් ගොඩනගමින් ජාතික පුනර්ජීවනයේ ශ්‍රේෂ්ඨ අරමුණු ඉදිරියට ගෙන යනු ඇතැයි ඔවුහු සිය බලාපොරොත්තු පළ කළහ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *