චීන හමුදා ජ්‍යෙෂ්ඨයන්ට චීන ජනපතිගෙන් වසන්ත උත්සව සුබ පැතුම්

චීන හමුදා ජ්‍යෙෂ්ඨයන්ට චීන ජනපතිගෙන් වසන්ත උත්සව සුබ පැතුම්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුදාවේ සියලු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට වසන්ත උත්සව සුබ පැතුම් පිරිනමයි.

චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවයේ උදාව නිමිත්තෙන්, මධ්‍යම හමුදා කොමිසම විසින් සංවිධාන කරන ලද සංස්කෘතික හා කලා සංදර්ශනයක් (6) බෙයිජිං හි ‘චීන රඟහලේදී’ පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා එම සංදර්ශනය නැරඹීමට එක් වෙමින් අගනුවර වෙසෙන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් හා විශ්‍රාමික හමුදා සාමාජිකයන් වෙත වසන්ත උත්සවයේ සුබ පැතුම් පිරි නමා ඇත. ෂී ජින් පිං මහතා ඔවුන්ගේ සෞඛ්‍ය සහ ජීවන තත්ත්වය ද විමසූ අතර, ඔවුන් සමග පසුගිය වසර තුළ චීන කොමියුනිස්ට් පක්ෂයේ, රටේ සහ හමුදාවේ අද්විතීය ගමන්මඟ මෙන්ම ලබා ඇති ප්‍රධාන ජයග්‍රහණ  සිහිපත් කළේය

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *