නිෂ්පාදන හා නවෝත්පාදන දිරිගැන්වීමට 2025දී චීන‍යෙන් විශාල ප්‍රමාණයක බදු හා ගාස්තු අඩු කිරීමක්

නිෂ්පාදන හා නවෝත්පාදන දිරිගැන්වීමට 2025දී චීන‍යෙන් විශාල ප්‍රමාණයක බදු හා ගාස්තු අඩු කිරීමක්

විද්‍යාත්මක තාක්ෂණික නවෝත්පාදනය සහ නිෂ්පාදන කටයුතු දිරිගැන්වීමේ අරමුණින් චීනය 2025 වසරේ බදු ආපසු ගෙවීම් සිදු කළ ප්‍රමාණය යුවාන් ට්‍රිලියන 2.8කට අධික බව වාර්තා වේ. චීනයේ ජාතික බදු කාර්යසාධන සමුළුවකදී රාජ්‍ය බදු පරිපාලනයේ ප්‍රධානී Hu Jinglin මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම සාධනීය පියවර සමග නව ගුණාත්මක නිෂ්පාදන බලවේගවල වර්ධනය වැඩි දියුණු වී ඇති බව ද ඔහු පැවසීය. මෙම සමුළුවේදී නිකුත් කළ දත්තවලට අනුව, ස්ථාවර ආර්ථික වර්ධනය හා අනෙකුත් ධනාත්මක සාධක මත 2025 දී චීනයේ සමස්ත බදු හා ගාස්තු ආදායම යුවාන් ට්‍රිලියන 33.1ක් බව සඳහන් විය.  එමෙන්ම චීනයේ දළ දේශීය නිෂ්පාදිතය(GDP) 2025 දී වාර්ෂිකව 5% ක වර්ධනයක් පෙන්නුම් කළ අතර  එය වාර්ෂික ඉලක්කය සපුරා ගැනීමකි. 

මේ අතර අපනයන බදු ප්‍රතිපූරණ අඩු කිරීමට පෙර බදු ආදායම පෙර වසරට සාපේක්ෂව 2.7% කින් වර්ධනය වී ඇත. එමෙන්ම සමාජ රක්ෂණ පාරිතෝෂික පෙර වර්ෂයට සාපේක්ෂව 5.6% කින් වැඩි විය. බදු නොවන ආදායම යුවාන් ට්‍රිලියන 5.6 ක් ලෙස සටහන් විය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *