චීන අගමැති ලී ච්‍යං මහතා විවිධ ප්රජාතන්ත්රවාදී පක්ෂවල මධ්‍යම කාරක සභාවන්හි, චීනයේ සමස්ත කාර්මික හා වාණිජ සම්මේලනයේ හා නිර්පාක්ෂිකයින්ගේ නියෝජිතයන් සමග (26) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී ‘රාජ්‍ය කාර්ය වාර්තාවේ’ හා ‘15 වන පස් අවුරුදු සැලැසුම් කෙටුම්පතේ’ යෝජිත කෙටුම්පත් පිළිබඳ එම නියෝජිතවරුන්ගේ අදහස් හා යෝජනාවලට ලී ච්‍යං අගමැතිවරයා සවන් දුන්නේය.
පසුගිය වසරේ හා 14 වන පස් අවුරුදු සැලසුම් කාලය තුළ රට ලබා ගත් ආර්ථික හා සමාජයීය ජයග්‍රහණ, ෂී ජින්පිං ජනාධිපතිවරයා කෙන්ද්‍ර කර ගන්නා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ශක්තිමත් නායකත්වය යටතේ සමස්ත චීන ජනතාව සමගියෙන් උද්යෝගිවත්ව උත්සාහ කිරීමේ ප්‍රතිඵල බව ලී ච්‍යං මහතා පෙන්වා දී තිබේ.
රටේ 15 වැනි පස් අවුරුදු සැලැස්මේ ආරම්භක වසර වන මෙම වසරේ, විවිධ ප්රජාතන්ත්රවාදී පක්ෂ, චීන සමස්ත කාර්මික හා වාණිජ සම්මේලනය හා නිර්පාක්ෂිකයින්, ආර්ථික හා සමාජයීය ක්‍රියාකාරිත්වයේ ප්‍රධාන ගැටළු සම්බන්ධයෙන් සක්‍රියව යෝජනා හා අදහස් ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ලී ච්‍යං මහතා කියා සිටියි. එමගින් රටේ සංවර්ධනය තුළ රජය මුහුණ පා ඇති ගැටලු විසඳීමට උපකාර වන අතර, රටේ උසස් තත්ත්වයේ ආර්ථික හා සමාජයීය සංවර්ධනය වෙනුවෙන් වඩාත් වැඩි දැනුමක් හා ශක්තියක් ලබා ගත හැකි යැයි අපේක්ෂා කරන බව ද චීන අගමැතිවරයා සඳහන් කළේය.
