චීන ආර්ථිකය පිළිබඳ ගෝලීය විශ්වාසය තවත් ඉහළට

චීන ආර්ථිකය පිළිබඳ ගෝලීය විශ්වාසය තවත් ඉහළට

2025 වසරේ චීනයේ වාර්ෂික ආර්ථික දත්ත මෑතකදී නිකුත් කෙරිණ. චීන ආර්ථිකය ස්ථාවර හා ප්‍රගතිශීලී සංවර්ධන ප්‍රවණතාවක් පවත්වා ගෙන ගොස් ඇති බව ඉන් පැහැදිලි වෙයි. චීන ආර්ථිකය ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාව සහ ජීව ශක්තිය පෙන්නුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය ආයතන කිහිපයක් මෑතකදී ප්‍රකාශ කළේය. මෙම වසරේදී චීන අපනයන සහ පරිභෝජනය වැනි ක්ෂේත්‍රවල ගෝලීය සංවර්ධනයට වැඩි නිශ්චිතභාවයක් එන්නත් කරනු ඇති බව එම සංවිධානවල අදහස වී තිබේ.

Goldman Sachs සමාගම සිය නවතම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ චීනයේ අපනයන “පිරිවැය මත පදනම් වූ” තත්ත්වයේ සිට “තාක්ෂණය සහ සැපයුම් දාමයේ කාර්යක්ෂමතාව මත පදනම් වූ” තත්ත්වයට පත්ව ඇති බවයි. චීනය නව ගුණාත්මක ඵලදායීතා ක්ෂේත්‍රය තුළ වෙනස් කළ නොහැකි ගෝලීය නිෂ්පාදන ධාරිතා පොකුරක් ස්ථාපිත කර ඇති බව එම සමාගම පවසයි.

චීනයේ අපනයන ඉතා තරඟකාරී බවත්, අපනයන නිෂ්පාදන ව්‍යුහය ප්‍රශස්තකරණය සහ වැඩිදියුණු කිරීම තවමත් සිදුවෙමින් පවතින බවත් ස්විට්සර්ලන්තයේ එක්සත් බැංකුව කියා සිටී.

චීන ව්‍යවසායන්හි අඛණ්ඩ නවෝත්පාදන හැකියාවන් සහ ප්‍රතිපත්ති නිවැරදිව ක්‍රියාත්මක කිරීම චීන වත්කම්වල ගෝලීය ආකර්ෂණය තවදුරටත් වර්ධනයට හේතුවී තිබේ. 2026 වසරේදී චීන වත්කම් විශාල ප්‍රමාණයක් හෝ අධික ප්‍රමාණයක් තමන් සතුව තබා ගන්නා බව විදේශ ආයෝජන ආයතන රැසක් ද ප්‍රකාශ කර තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *