චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කැනේඩියානු අගමැති Mark Carney මහතා හමු වෙයි. එම හමුව අද(16) පෙරවරුවේ බෙයිජිං අගනුවර පිහිටි මහජන මහ ශාලාවේදී පැවැත්විණ.
ඉකුත් ඔක්තෝබර් මාසයේ දකුණු කොරියාවේදී Mark Carney මහතා හමු වීම සිහිපත් කරමින් චීන ජනාධිපතිවරයා එහිදී කියාසිටියේ එතැන් සිට මේ දක්වා ද්විපාර්ශ්වික සබඳතා යළි ගොඩනැංවීම සක්‍රිය ප්‍රගතියක් ලබා ඇති බවයි. යහපත් චීන-කැනේඩියානු සම්බන්ධතා දෙරට යහපතට පමණක් නොව ලෝක සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය හා සමෘද්ධියට ද ගැලපේ. ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය වෙනුවෙන් චීන ජනාධිපතිවරයා යෝජනා හතරක් ඉදිරිපත් කළේය. චීනය හා කැනඩාව එකිනෙකට ගරු කරමින් පොදු සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන හවුල්කරුවන් විය යුතු බවත්, දෙරට එකිනෙකා කෙරෙහි තබන විශ්වාසය මෙන්ම එකිනෙකට සහයෝගය හා සහාය ලබා දෙන හවුල්කරුවන් විය යුතු බවත්, ෂී ජින්පිං ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
