යුක්‍රේන අර්බුදය විසඳීමට සාමය, සංවාදය හා සමගිය සඳහා එක්වන ලෙස චීනය අඛණ්ඩව ආයාචනය කරයි

යුක්‍රේන අර්බුදය විසඳීමට සාමය, සංවාදය හා සමගිය සඳහා එක්වන ලෙස චීනය අඛණ්ඩව ආයාචනය කරයි

යුක්‍රේන ගැටලුව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ  විවෘත රැස්වීමක් ඊයේ(12) එහි නිව්යෝර්ක් මූලස්ථානයේදී පැවැත්විණ. යුක්‍රේන ගැටලුව දැනට තීරණාත්මක සාකච්ඡා අවධියක පවතින බැවින් අර්බුදයට දේශපාලන විසඳුමක් සඳහා සාමය, සංවාදය සහ සමගිය ප්‍රවර්ධනය කරන ලෙස චීනය විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව එහිදී එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Sun Lei මහතා පවසා ඇත.

චීනය සැමවිටම සාම සාකච්ඡා සඳහා කොන්දේසි නිර්මාණය කිරීමෙහි නියැළී සිටියි. රුසියාව, යුක්‍රේනය ඇතුළු අදාළ පාර්ශ්වයන් සමඟ චීනය සමීප සන්නිවේදනයක් පවත්වා ඇත. යුක්‍රේන අර්බුදය සඳහා ‘සාම මිතුරු කණ්ඩායමක්’ පිහිටුවීමට ඉදිරිපත් වූ චීනය, සාමය අඛණ්ඩව ඉල්ලා සිටිමින්, සාමය පිළිබඳ සම්මුතියක් ගොඩනඟමින් සාමය සඳහා වන උත්සාහයන් ප්‍රවර්ධනය කරමින් සිටින බව ද චීන නියෝජිතයා පෙන්වා දී තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *