සිය ආත්මාර්ථකාමී ප්‍රතිලාභ නතු කර ගැනීමේදී ඇමරිකාව වෙනත් රටවල් නිදහසට කරුණක් ලෙස භාවිත නොකළ යුතුයි–චීනය

සිය ආත්මාර්ථකාමී ප්‍රතිලාභ නතු කර ගැනීමේදී ඇමරිකාව වෙනත් රටවල් නිදහසට කරුණක් ලෙස භාවිත නොකළ යුතුයි–චීනය

ඇමරිකාව සිය ආත්මාර්ථකාමී ප්‍රතිලාභ නතු කර ගැනීමට උත්සාහ කිරීමේදී වෙනත් රටවල් නිදහසට කරුණක් ලෙස භාවිත නොකළ යුතු යැයි චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ප්‍රකාශ කරයි.

ඇය එසේ ප්‍රකාශ කළේ අද(12) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී  ග්‍රීන්ලන්තය පිළිබඳ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. ආක්ටික් කලාපය ජාත්‍යන්තර ප්‍රජාවේ සමස්ත අවශ්‍යතාවන් හා සම්බන්ධය. ආක්ටික් කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම චීන ක්‍රියාකාරකම්හි අරමුණ වන අතර එය ජාත්‍යන්තර නීතියට අනුකූල වේ. නීතියට අනුව ආක්ටික් ප්‍රදේශයේ ක්‍රියාකාරකම් සිදු කිරීමට සියලු රටවල් සතු අයිතිවාසිකමට සහ නිදහසට සම්පූර්ණයෙන්ම ගරු කළ යුතු බව ද මාඕ නිං මහත්මිය සඳහන් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *