චීන අගමැති ලී ච්‍යං මහතාගේ ඇරයුමකට අනුව කැනඩාවේ අගමැති Mark Carney මහතා එළඹෙන 14වනදා සිට 17වනදා දක්වා චීනයේ නිල සංචාරයක් සිදු කිරීමට නියමිතය. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අද(12) මේ බව ප්‍රකාශ කළාය.
අගමැති Mark Carney මහතාගේ මෙවර චීනයේ සංචාරය වසර අටකට පසු කැනේඩියානු අගමැතිවරයෙකු චීනයේ සිදු කරන පළමු නිල සංචාරය වන අතර චීනය එයට විශාල වැදගත්කමක් ලබා දෙන බව මාඕ නිං මහත්මිය පැවසුවාය. චීන-කැනඩා සබඳතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා නව උපායමාර්ගික මග පෙන්වීමක් ලබා දෙමින් ජනාධිපති ෂී ජින්පිං මහතා අගමැති Mark Carney මහතා හමු වනු ඇත. ද්විපාර්ශ්වික සබඳතාව සහ පොදු අවධානයට ලක්වන කරුණු පිළිබඳව පුළුල්ව අදහස් හුවමාරු කර ගැනීම සඳහා අගමැති ලී ච්‍යං මහතා සහ චීන ජාතික මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපති Zhao Leji මහතා ඔහු සමඟ වෙන්වෙන්ව සාකච්ඡාව සහ හමුවීම පවත්වනු ඇතැයි මාඕ නිං මහත්මිය දැනුවත් කර ඇත.
