චීන ව්‍යවස්ථාදායක සැසිවාරයේදී නීති සම්පාදකයින් ඉදිරියේ 2026 වසරේ ක්‍රියා සැලැස්ම සහ 2025 වසරේ වාර්තා සමාලෝචනය කරයි

චීන ව්‍යවස්ථාදායක සැසිවාරයේදී නීති සම්පාදකයින් ඉදිරියේ 2026 වසරේ ක්‍රියා සැලැස්ම සහ 2025 වසරේ වාර්තා සමාලෝචනය කරයි

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපතිවරුන්ගේ කවුන්සලය ඊයේ(24) ව්‍යවස්ථාදායක සැසිවාරය අතරතුර රැස්වීමක් කැඳවා වාර්තා සාකච්ඡා කළේය.

එම කමිටුවේ සභාපති  ෂාඕ ලෙජි මහතා රැස්වීමේ මුලසුන දැරීය.

එහිදී ජ්‍යෙෂ්ඨ නීති සම්පාදකයින් ඉදිරියේ නීති කිහිපයකට අදාල කෙටුම්පත් සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර එම යෝජනා පිළිබඳ වාර්තා ඉදිරිපත් කෙරිණ. එමෙන්ම ඔවුහු සෙසු සුදුසුකම් සහ සේවක ආශ්‍රිත පනත් කෙටුම්පත් පිළිබඳ වාර්තාවක්ද සමාලෝචනය කළහ.

සංශෝධිත ලේඛන සාකච්ඡා කිරීම සඳහා ඇති චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සැසිවාරයට එම වාර්තා ඉදිරිපත් කිරීමට රැස්වීමේදී තීරණය කළේය.

රැස්වීමට සහභාගී වූ පිරිස් ස්ථාවර කමිටුවේ ප්‍රධාන කාර්යයන් සහ 2026 වසරට අදාළ නීති සම්පාදනය, අධීක්ෂණය, නියෝජිතයින් සහ විදේශ කටයුතු පිළිබඳව එහි ක්‍රියා සැලැස්ම සමාලෝචනය කර ප්‍රතිපත්තිමය වශයෙන් සම්මත කරගත් අතර 2025 වසරේ කාර්යයන් පිළිබඳ වාර්තාව සාකච්ඡා කළහ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *