චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව වාර්තා හා නීති කෙටුම්පත් පරීක්ෂා කරයි

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව වාර්තා හා නීති කෙටුම්පත් පරීක්ෂා කරයි

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව වාර්තා හා නීති කෙටුම්පත් පරීක්ෂා කිරීම සඳහා රැස්වෙයි.එම ස්ථාවර කමිටු සභාපති Zhao Leji මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 22) එම ප්‍රථම පූර්ණ සැසිවාරය ආරම්භ විය. පරිසර නීති,වාර්ගික සමගිය ප්‍රවර්ධනය,ජාතික සංවර්ධන,අන්තරායකර ‍රසායනික ද්‍රව්‍ය සුරක්ෂිත කළමණාකරණය,රාජ්‍ය වත්කම් ,ළමා සුරැකුම් සේවා සහ ඇන්ටාක්ටිකාවේ පරිසර සුරැකුම සම්බන්ධ කෙටුම්පත් එහිදී පරීක්ෂාවට ලක් කෙරිණ.

නීති කිහිපයකට අදාළ කෙටුම්පත් සමාලෝචන ද සැසිවාරයට ඉදිරිපත් කෙරිණ.ධීවර නීතිය,සිවිල් ගුවන් සේවා නීතිය, සම්මත භාෂණ හා ලිඛිත චීන භාෂාව පිළිබඳ නීතිය,විදේශ නීතිය මෙන්ම බැංකු අධීක්ෂණ හා නියාමන නීතියට ඊට අයත් විය. අපරාධ විධි විධාන නිතීයේ ඇතැම් සංශෝධන ද චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව නියෝජිතයන් විසින් එහිදී පරීක්ෂා කරන ලදි. 14 වන චීන ජාතික මහ‍ජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය කැඳවීමට අදාළ කෙටුම්පත් තීරණය ද නියෝජිතයන් ගේ පරීක්ෂාවට ලක් විය.

ස්ථාවර කමිටුවේ දෙවන පූර්ණ සැසිවාරය ද එදිනම පැවති අතර එහිදී බලශක්ති සුරැකුම් නීතිය ,චක්‍රීය ආර්ථිකය ඇතුළු වාර්තා කිහිපයකට ද නියෝජිතයෝ සවන් දුන්හ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *