චීන මාධ්‍ය සමූහයේ 2026 වසරේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු වැඩසටහන් නාමාවලිය නිකුත් කෙරේ

චීන මාධ්‍ය සමූහයේ 2026 වසරේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු වැඩසටහන් නාමාවලිය නිකුත් කෙරේ

චීන මාධ්‍ය සමූහයේ ප්‍රමුඛතම නාලිකාවක් වන CCTV-1, 2026 වසරේ විකාශය කිරීමට නියමිත ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු වැඩසටහන් නාමාවලිය (16) බෙයිජිං අගනුවර දී නිකුත් කෙරිණ.

උසස් බුද්ධිමය හැකියාව, කලාත්මක විශිෂ්ටත්වය සහ භාවාත්මක ස්වරය මුසු කරමින් සුවිශේෂ නිර්මාණ 60 කට වැඩි ප්‍රමාණයක් මෙහිදී ප්‍රදර්ශනය කර තිබේ. නව යුගයේ සහ නව ගමනේ විශිෂ්ට ජීවගුණය සහ දැක්ම එමගින් විදහා දක්වයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා ඇතුළු විවිධ දෙපාර්තමේන්තුවල ප්‍රධානීහු ඊට එක් ව සිටියහ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *