චීනයේ මිනිසුන් රහිත CH-7 නව අධි උන්නතාංශ ගුවන් යානයේ මංගල පියාසැරිය සාර්ථකයි

චීනයේ මිනිසුන් රහිත CH-7 නව අධි උන්නතාංශ ගුවන් යානයේ මංගල පියාසැරිය සාර්ථකයි

අධිවේගී සහ දිගු බවින් යුතුව නිර්මාණය කළ චීනයේ නව අධි උන්නතාංශ, මිනිසුන් රහිත ගුවන් යානය වන CH-7 හි මංගල පියාසැරිය සාර්ථකව නිම කෙරේ. මීට පෙර 2024 වසරේ පැවති 15 වන චීන ජාත්‍යන්තර ගුවන් සේවා සහ අභ්‍යවකාශ ප්‍රදර්ශනය සඳහාද CH-7 යානය එක්කර තිබිණ.

CH-7 යානය, වලිග රහිත, දිගු සිහින් පියාපත් ආකාරයෙන් වායුගතික සැලසුමකට අනුව නිර්මාණය කර ඇත. එමෙන්ම දෘශ්‍ය ආලෝකය සහ අධෝරක්ත සංවේදක ඇතුළු විවිධ ඉහළ කාර්යසාධනයන් සහිත මෙහෙයුම් උපකරණ රැගෙන යාමේ හැකියාව ද ඊට ඇත.

දිගු පියාසැරි කාලයකින් යුත් CH-7 යානයට ඉහළ උසක පියාසර කළ හැකි වීම සහ ඉහළ පියාසර වේගයක් මෙන්ම ශක්තිමත් මෙහෙයුම් කාර්යසාධන හැකියාවන් පැවතීම ඉතා වාසිදායක තත්ත්වයකි. එය සංකීර්ණ තත්ත්ව යටතේ පෘථිවි නිරීක්ෂණය සහ දත්ත සහාය ලබා දීම වැනි ඉහළ මට්ටමේ අවශ්‍යතාවන්ද සපුරාලයි. CH-7 යානයෙහි පියාසර කාර්ය සාධන පරීක්ෂණ සහ බර පැටවීමට අදාළ ක්‍රියාකාරීත්වය සත්‍යාපනය ඇතුළු අතිරේක පරීක්ෂණ ද සිදු කිරීමට නියමිතය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *